බහුතරය නියමානුකූලව පෙන්වන්න - ජනපති

බහුතරය නියමානුකූලව පෙන්වන්න.., ජනපති පක්ෂ නායකයින්ට දන්වයි

by Staff writer 15-11-2018 | 9:48 PM
COLOMBO (News 1st) : කථානායකවරයා, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයී ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය. එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව එම පක්ෂ නායකයන් ජනාධිපතිතුමාට පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිකුත් කළ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ජනාධිපතිවරයා ඔවුන්ට දැනුම් දී තිබේ. ඒ අනුව, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව නැවත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, මන්ත්‍රීවරුන්ගේ නමින් ඡන්ද විමසීමක් පවත්වන ලෙස ජනාධිපතිවරයා පක්ෂ නියෝජිතයින්ට දැනුම් දී තිබේ. ඉන් අනතුරුව ඒ සඳහා ව්‍යවස්ථානුකූලව කටයුතු කිරිමට පියවර ගන්නා බවද, ජනාධිපතිතුමා එහිදි සඳහන් කළේ ය. මේම සාකච්ජාව සඳහා කථානායක කරුජයසුරිය , විපක්ෂනායක ආර් සම්බන්ධන් හා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු පක්ෂ නියොජනය කරමින් පක්ෂ නියෝජිතයන් එක්ව සිටියහ.