ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 15-11-2018 | 7:04 AM
COLOMBO (News 1st) 1. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළ යුතු ආකාරය හා එය සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා ලිපියකින් කථානායකවරයාට දැනුම් දෙයි. 2. අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධූරය දරණු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි. 3. අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. 4. කන්කසන්තුරේට කිලෝමීටර් 650 ක් දුරින් පවතින ‘ගජ’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 5. ශ්‍රීලංකන් ගුවන් සමගාමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. විදෙස් පුවත් 6. වසර 25කින් පසු අඟහරු ග්‍රහයා මත මිනිසුන්ට පා තැබිය හැකි වනු ඇතැයි නාසා ආයතනයේ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.