by Staff writer 15-11-2018 | 5:47 PM
COLOMBO (News 1st) : රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහි බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 57ක් බවයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කඩුවෙලදී අද උදෑසන මෝටර් රථයක් පරීක්ෂා කිරිමේදී මෙම කුඩු තොගය සොයා ගෙන තිබේ.
එම තොගයේ සම්පූර්ණ වටිනාකම රුපියල් ලක්ෂ එකසිය විසිහයකි.
27 සහ 36 හැවිරිදි සැකකරුවන් කඩුවෙල සහ කතරගම ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසී ය.