අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල පහළට

අද මැදියම් රැයේ සිට පෙට්‍රල් හා ඩීසල් මිල පහළට

by Sagarika Chathumali 15-11-2018 | 3:54 PM
COLOMBO (News 1st) : අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල පහත දමා තිබේ. ඛණිජ තෙල් සම්පත් සංවර්ධණ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා සඳහන් කළේ, මේ යටතේ ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල්, ඔටෝ ඩීසල් මෙන්ම සුපිරි ඩීසල් ලීටරයක මිල ද රුපියල් 5 කින් පහත දමන බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 140 ක් වනු ඇති. මිල පහත දැමීමත් සමඟ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රුපියල් 167 ක් වේ. ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 111 කි.