ශ්‍රීලංකන් නව සභාපති ලෙස ජී.එස්. විතානගේ පත් කෙරේ

ශ්‍රීලංකන් නව සභාපති ලෙස ජී.එස්. විතානගේ පත් කෙරේ

by Staff writer 14-11-2018 | 1:14 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමගාමේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යංශය පැවසුවේ, අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා විසින් මෙම පත් කිරීම කර ඇති බව ය. ඊයේ දිනයේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කළේ ය. එහෙත් ඔහු ඉල්ලා අස් වී ඇති බවට වාර්තා වේ. කපිල චන්ද්‍රසේන මහතා සභාපති ධූරයට පත් කෙරුණේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ය.