වසන්ත සේනානායක යළි එ.ජා.ප.යට සහය දක්වයි

වසන්ත සේනානායක යළි එ.ජා.ප.යට සහය දක්වයි

by Staff writer 14-11-2018 | 11:30 AM
COLOMBO (News 1st) - අමාත්‍ය වසන්ත සේනානායක මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු රැස්වීමෙන් පසු මාධ්‍ය අමතමිනි. වත්මන් ආණ්ඩුව තුළ බහුතරය නොමැති නිසා ඔහු මෙම තීරණයට එළැඹි බව වැඩිදුරටත් පැවසුවේ ය. වසන්ත සේනානායක මහතා පැවසුවේ, ජනාධිපතිවරයාට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙන අතර යළි එක්සත් ජාතික පක්ෂයට සිය සහයෝගය ලබා දෙන බව ය.