ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 14-11-2018 | 6:55 AM
COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. 2. රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ. 3. අද පෙරවරු 8.30ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. 4. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වන දා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය. 5. ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 6. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කරයි. විදෙස් පුවත් 7. බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරයි. ක්‍රීඩා පුවත් 8. මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ.