'ගජ' තවත් දරුණු වන ලකුණු...

'ගජ' තවත් දරුණු වන ලකුණු...

by Staff writer 14-11-2018 | 4:36 PM
COLOMBO (News 1st) : කන්කසන්තුරේට කිලෝමීටර් 650 ක් දුරින් පවතින 'ගජ' සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, හෙට සවස් කාලයේ එය උතුරු වෙරළ තීරය ආසන්නයෙන් ගමන් කර තමිල්ණාඩු වෙරළට ගමන් කරනු ඇති බවයි. මෙම සුළිකුණාටු පද්ධතියේ බලපෑම හේතුවෙන් උතුර, සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අද සවස් කාලයේ සහ හෙට වැසි සහ සුළං තත්ත්වයේ වැඩවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනයේ යාපනය අර්ධද්වීපය හරහා පැයට කිලොමිටර් 80-90 ත් දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකි අතර පැයට කිලෝමිටර් 100 දක්වා වන ප්‍රහාරත්මක සුළං ඇතිවිය හැකි වේ. යාපනය අර්ධද්විපයට පැයට කිලෝමිටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර උතුරු පළාතේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ලබන 16 වන දා දක්වා මුලතිව් සිට කන්කසන්තුරය හරහා මන්නාරම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80-90 දක්වා තද සුළං සමග විටින් විට පැයට කිලෝමිටර් 110 ක ප්‍රහාරාත්මක සුළං බලාපොරොත්තු වේ. මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.