කථානායකවරයාගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

කථානායකවරයාගේ ලිපියට ජනපතිගෙන් පිළිතුරු

by Staff writer 14-11-2018 | 10:57 PM
COLOMBO (News 1st) : කථානායක කරු ජයසූරිය මහතා විසින් තමන් වෙත යොමු කරන යොමු කරන ලද ලිපියට ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමු කර තිබේ. ජනාධිපතිවරයා ඉන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් නීතය ඉදිරියේදී විනිශ්චයට භාජන වී ඇති අවස්ථාවක කථානායකවරයා ගත් ක්‍රියාමාර්ගය එකී නඩුවේ හරයට අගතිදායක බවයි. විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර කළයුතු ආකාරය හා එය සම්මත කර ගැනීමට ක්‍රියා කළ යුතු පටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ ස්ථාවර නියෝගවල සඳහන්ව ඇති නමුත් ඒ සියල්ල නොසලකා කථානායකවරයා ක්‍රියා කර ඇති බව ජනාධිපතිවරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ. මීට අමතරව පාර්ලිමේන්තුව විසින් නිසි ලෙස සහතික නොකළ අත්සන් ලේඛනයක් මා වෙත යොමු කරමින් අදාළ යෝජනාව සම්මතවූ බවට කරුණු තහවුරු කිරීමට කථානායක ගත් උත්සාහය ගැන තමා කනගාටුව ප්‍රකාශ කරන බවද ජනාධිපතිවරයා සඳහන් කරයි. තමා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ ව්‍යවස්ථානුකූල බව නිර්ණය කිරීමට පාර්ලිමේනතුව වෙර දැරීම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැවරුණු තනි හා අනන්‍ය බලය අතික්‍රමණය කිරීමක් බව ද ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙයි ඒ අනුව කථානයක විසින් යොමු කරන ලද ලිපියේ සඳහන් යෝජනා තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම ක්‍රියා මාර්ග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකග තීරණයන් බව ත් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වාදී තිබේ. ජනපති කථානායක වෙත  යොමු කළ ලිපිය පහතින්...