ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කියයි

ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කියයි

by Staff writer 14-11-2018 | 9:18 AM
COLOMBO (News 1st)  Update 10.28AM - වත්මන් ආණ්ඩුවට බහුතරය නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි: පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල් තැබේ. 10.22AM - අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතා පිළිගනී. 10.20AM - කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභා වාරය ඇරඹේ. 9.25AM - ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ කථානායකවරයාට භාර දෙයි. 9.20AM - හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණෙයි. ----------------------------------------------------------------------------------------------------------------------------------------- කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ පක්ෂ නායක රැස්වීම මීට සුළු වේලවකට පෙර අවසන් විය. අනතුරුව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සැකසීම සභාවට පැවරිණි. මේ අනුව පාර්ලිමේන්තුව ආරම්භ වීමට සියල්ල මේ වන විට සූදානම් වී ඇති අතර අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමාත්‍ය ෆයිසර් මුස්තෆා යන මහත්වරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.