"නව අගමැති පත් කරන තුරු අගමැති ධුරය දරනු ඇති"

''අගමැතිවරයෙකු පත් කරන තුරු වත්මන් අගමැති ධුරය දරනු ඇති'' - මහින්ද සමරසිංහ

by Sagarika Chathumali 14-11-2018 | 3:21 PM
COLOMBO (News 1st) :  අගමැතිවරයෙකු පත් කරමින් ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කරන තුරු වත්මන් අග්‍රාමාත්‍යවරයා ධුරය දරනු ඇතැයි, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ පවසයි. මහින්ද සමරසිංහ සහ දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වේ. එහිදී අදහස් දක්වමින් මහින්ද සමරසිංහ මහතා පැවසුවේ, ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට අනුකූලවට කටයුතු කරන බවයි. නීතියට පටහැනි කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකරන බව ද මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ය.