ශ්‍රීලනිප රැස්වීම කල්යයි

ශ්‍රීලනිප රැස්වීම කල්යයි

by Staff writer 13-11-2018 | 10:31 AM
COLOMBO (News 1st) : ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරු අතර අද පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම කල් දමා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ජනාධිපතිවරයා අද පස්වරුවේ කැබිනට් රැස්විමට සහභාගිවීම හේතුවෙන් එම රැස්වීම කල් දමා ඇත බවයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරු 341 දෙනෙකු අද කොළඹට කැඳවා තිබිණ. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසුවේ ඉදිරි දිනකදී එම රැස්වීම පැවැත්වෙනු ඇති බවයි.