ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි

ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි

by Staff writer 13-11-2018 | 6:54 AM
COLOMBO (News1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් අද කොළඹට කැඳවා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී වැඩි අවධානයක් යොමු කරන බවයි. ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම විශේෂ හමුව අද පස්වරු 4.00ට පැවැත්වෙන බව ද ඔහු සඳහන් කළේ ය.