ශ්‍රීලංකන් සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ශ්‍රීලංකන් සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

by Staff writer 13-11-2018 | 1:37 PM
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවා සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. එහි මහජන සම්බන්ධතා කළමනාකරු දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ, රංජිත් ප්‍රනාන්දු ඉල්ලා අස්වන බවට වූ ලිපිය මේ වන විට භාර දී ඇති බවයි. ඉල්ලා අස්වීමට හේතුවක් එහි සඳහන් කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.