බංගලි මැතිවරණය නිසා විපක්ෂය කනස්සල්ලෙන්

බංගලි මැතිවරණය නිසා විපක්ෂය කනස්සල්ලෙන්

by Staff writer 13-11-2018 | 10:21 AM
බංග්ලාදේශ මහ මැතිවරණය සතියකින් කල් දැමීම පිළිබඳ එකඟ නොවන බව එරට විපක්ෂ දේශපාලන පක්ෂ අවධාරණය කරයි. විපක්ෂ ප්‍රධානීන් අවධාරණය කළේ, මහ මැතිවරණය මාසයකින් කල් දමන ලෙසට මීට පෙර තමන් මැතිවරණ කොමිසමෙන් තමන් ඉල්ලා සිටි බවයි. කෙසේවෙතත් බංග්ලාදේශ මහ මැතිවරණය දෙසැම්බර් 30 වන දා පැවැත්වීමට ඊයේ එරට මැතිවරණ කොමසාරිස් නුරූල් හූදා තීරණය කළේ ය. මීට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 23 වැනිදායි. විපක්ෂ කණ්ඩායම් මෙලෙස මැතිවරණය කල් දමන ලෙස ඉල්ලා සිටියේ, ඒ සදහා සූදානම් වීමට කාලය අවශ්‍ය බව පවසමිනි. විපක්ෂ කණ්ඩායම් පවසන්නේ නත්තල් සමය තුළ මහ මැතිවරණය පැවැත්වීම හේතුවෙන්, ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් පවා එම කාලය තුල බංග්ලාදේශයට නොපැමිණෙනු ඇති බවයි. මේ අතර බංග්ලාදේශ මහ මැතිවරණය සදහා අපේක්ෂකයින්ගේ නාම යෝජනා භාර ගැනීමේ දිනය ද නොවැම්බර් 28 වැනිදා දක්වා කල් දමා ඇතැයි විදෙස් වාර්තා අනාවරණ කළේ ය.