පාර්ලිමේන්තුව විසුරුවීම:ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක්

by Staff writer 13-11-2018 | 3:45 PM
COLOMBO (News 1st)  Update: 6.00PM - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි. 5.53PM - විනිසුරු මඩුල්ල අසුන් ගනී. 5.23PM - අධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාව දැඩි කෙරේ. 5.20PM - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දැන ගැනීම සඳහා විශාල පිරිසක් අධිකරණ පරිශ්‍රයට රැස් වෙති. 5.15PM - පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිපත් වූ පෙත්සම් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තවත් ස්වල්ප මොහොතකින් ලබා දීමට නියමිත ය. ----------------------------------------------------------------------------------------------------------------------------------------- 3.30 PM - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම අවසන් කර තිබේ. අප අධිකරණ වාර්තාකරු පැවසුවේ, මේ සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද පස්වරු 5.00ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ය. අද දෙවන දිනයටත් පෙත්සම් සලකා බැලීම සිදු කළේ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේදී ය. මේ අතර නීතිපතිවරයා මේ සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වුවේ ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්ව තිබිණි.