ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 13-11-2018 | 7:17 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්…

1. මහ මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ: 2019 පාර්ලිමේන්තු මැතිවරණයේදී තෝරා පත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාව, නාම යෝජනා පත්‍රයට ඇතුළත් විය යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව සහ තැන්පත් කළ යුතු ඇප මුදල් සම්බන්ධව මැතිවරණ කොමිසමේ නිවේදන ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ. 2.පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ : පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබේ. 3. හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ් : දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 5. මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව ගැන හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි : ඊයේ ගංගාරාම පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර News 1st මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

විදෙස් පුවත්....

1. කැලිෆෝනියාවේ ලැව්ගිනි තවදුරටත් පැතිරෙයි : අමෙරිකාවේ කැලිෆෝනියාහි ලැව්ගිනි පැතිරයාම තවදුරටත් උග්‍ර වී තිබේ.