කපිල චන්ද්‍රසේන SriLankan සභාපති ධූරයට

කපිල චන්ද්‍රසේන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයට

by Staff writer 13-11-2018 | 3:53 PM
COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව සභාපතිවරයා ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත් කර තිබේ. ඔහු මීට පෙර ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කළේ ය. කපිල චන්ද්‍රසේන මහතා නව සභාපති ධූරයට පත් කෙරුණේ, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා ය.