ඔබත් මේ පිළිබඳව දැනුවත් ද?

ඔබත් මේ පිළිබඳව දැනුවත් ද?

by Staff writer 13-11-2018 | 4:13 PM

COLOMBO (News 1st) - විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නගා ඇත

.

ජාතික ප්‍රමිතිය ලෙස කොටු හැඩයේ කූරු සහ සිදුරු සහිත

(

ජී වර්ගය ලෙස හඳුන්වන

)

ඇම්පියර්

13

නේ විදුලි පේනු සහ කෙවෙනි ජාතික ප්‍රමිතිය වශයෙන් හදුන්වා දී ඇත

.

මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග

60

කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග

3

ක් ද භාවිතා වේ

.

නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් පසුව ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස ජී වර්ගයේ කෙවෙනි හා පේනු භාවිත කිරීමට නියමිතය

.

නව ප්‍රමිතිය

2016

අගෝස්තු

16

වන දා සිට බලාත්මක වේ

.

දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිතා කළ යුතු වේ

.

එම කෙවෙනි සඳහා වර්ග මිලිමීටර්

2.5

රැහැන්

(

වයර්

)

හෙවත්

7/0.67

රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත

.

මෙම ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ සඳහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී

.

විදුලි පාරිභෝගිකයින්

,

විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්

,

ආනයනකරුවන්

,

බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින් ඇතුළු සියලු ම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජාතික එකඟතාවක් ඇතිව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි

.

විදුලි පේනු සහ කෙවෙනි සඳහා හඳුන්වා දුන් ප්‍රමිතිය ක්‍රියාවට නැගුනේ පහත කාල සටහනට අනුව ය

.

2016

අගෝස්තු

16

වන දින සිට විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතිය බලාත්මක විය

.

2016

අගෝස්තු

16

දින ජී කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය

,

ආනයනය සහ අලෙවිය සඳහා සහන කාලයක් ක්‍රියාත්මක විය

.

2017

අගෝස්තු

16

දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරිණි

.

2019/01/01

වන දින සිට ජී වර්ගයේ

(13 A)

නොවන විදුලි පේනු

(

ප්ලග් ටොප්

)

සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරේ

.

ජී වර්ගයේ පේනුවල විලායකයක්

(

ෆියුස්

)

ද පවතී

.

එය ආරක්ෂාව තවදුරටත් තහවුරු කරයි

  1. නව ප්‍රමිතිය නිසා

    ,

    දැනට නිවසේ සවිකර ඇති කෙවෙනි වෙනස් කළ යුතු ද

    ?

අවශ්‍ය නැත

.

දැනට නිවසේ ඇති ඇම්පියර්

5 (

රවුම් කූරු

)

කෙවෙනි ඒවායේ ආයු කාලය නිමාවන තුරු ඒ අයුරින්ම භාවිතයට කිසිදු තහනමක් නැත

.

  1. නිවසේ ඇති රැහැන් පද්ධතිය නව ප්‍රමිතියට අනුකුලව වෙනස් කළ යුතු ද

    ?

නැත

.

නමුත්

,

තම විදුලි පද්ධතිය සුදුසුකම් ලත් විදුලි කාර්මිකයෙකු ලවා පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ

.

මෙමගින්

,

සෑම පද්ධතියක්ම නිසි පරිපථ කඩනයක්

(MCB)

හෝ විලයකයකින්

(Fuse)

ආරක්ෂා වී ඇති බව තහවුරු කර ගත හැකිය

.

  1. නිවසේ දැනට භාවිතා කරන විදුලි උපකරණවල ඇති පේනු වෙනස් කළ යුතු ද

    ?

නැත

.

ඔබට ඒවා භාවිතා කළ හැකිය

. 2019

ජනවාරි

1

වන දා සිට වෙළෙඳපොළෙහි විකිණීමට ඇත්තේ හතරැස් කූරු සහිත පේනු සහ කෙවෙනි පමණි

.

දැනට භාවිතා කරන ඇම්පියර්

5 (

රවුම් කූරු

)

පේනු සහිත විදුලි උපකරණයක් ඇම්පියර්

13

කෙවෙනියට සම්බන්ධ කර ගැනීමට පරිවර්තකයක්

(adaptor)

අවශ්‍ය වේ

.

මේ සඳහා නියමිත ප්‍රමිතියට අනුකුල පරිවර්තක

(adaptor)

වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි ය

.

  1. නව විදුලි උපකරණයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද

    ?

කූරු දෙකක් සහිත පේනු හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ මිලදී ගැනීමෙන් වළකින්න

.

ඒවාට ගැළපෙන කෙවෙනි තව වසර කිහිපයකට පසු භාවිතයේ නොමැති වනු ඇත

.

එපමණක් නොව

, 2019

ජනවාරි

1

වනදායින් පසුව එවැනි විදුලි උපකරණ විකිණීම නීතියෙන් තහනම් වේ

.

  1. වායු සමීකරණයක් ඇම්පියර්

    13

    කෙවෙනියකට සම්බන්ධ කළ හැකි ද

    ?

18,000 btu/ h

දක්වා ධාරිතාවයකින් යුත් වායු සමීකරණ සඳහා ඇම්පියර්

13

පේනු සහ කෙවෙනි භාවිතා කළ හැකිය

.

ඊට වැඩි ධාරිතාවයක් සහිත වායු සමීකරණ සඳහා විබෙදුම් පෙට්ටියේ

(distribution board)

සිට වෙනම පරිපථයක් යොදාගත යුතුය

.

මේ සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති සලකුණ

(SLS)

සහිත විලායකයක්

(fused)

ඇති සම්බන්ධක ඒකකයක්

(connection unit)

හෝ ද්විධ්‍රැව ස්විචයක්

(double pole switch)

භාවිතා කළ හැකි ය

.

  1. ඇම්පියර්

    13

    කෙවෙනියක් ඇම්පියර්

    5

    කෙවෙනි සඳහා සෑදු රැහැන් පරිපථයකට

    (circuit)

    සවි කිරීම ආරක්ෂිත ද

    ?

ඔබ හරි

.

එය ආරක්‍ෂිත නොවේ

.

මේ සඳහා ඉතා ඉක්මණින් විශේෂ කෙවෙනියක්

(

ඇම්පියර්

13

කෙවෙනියට පිටතින් සමාන

)

වෙළෙඳපොළට නිකුත් වීමට නියමිත ය

.

මෙම කෙවෙනිය සාමාන්‍ය ඇම්පියර්

13

කෙවෙනිවලින් වෙන් කර හඳුනා ගැනීමට “

6A Max”

ලෙස සලකුණු කර ඇත

.

කෙදිනක හෝ ඔබේ නිවසේ නැවත විදුලි රැහැන් ඇදීමක්

(rewiring)

සිදු වන තුරු මෙම කෙවෙනිය ඇම්පියර්

13

කෙවෙනියට සමාන වුවත් එයට බෙදාහැරිය හැක්කේ ඇම්පියර්

6

ක් පමණි

.

  1. ට්‍රැවල් ඇඩප්ටර්

    ,

    යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් භාවිතා කළ හැකි ද

    ?

සංචාරකයින් ට්‍රැවල් ඇඩප්ටර් භාවිතා කරයි

.

තවද

,

සංචාරක හෝටල් සඳහා යුනිවර්සල් සොකට් සහ ෂේවර් සොකට් අවශ්‍ය වේ

.

සංචාරක හෝටල් වැනි විශේෂිත අවස්ථාවල භාවිතය සඳහා පමණක් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ අනුමැතිය මත විශේෂ ආනයන බලපත්‍රයක් මගින් මේවා ආනයනයට අවස්ථාව සලසා ඇත

.

කෙසේ වුවද

, 2019

ජනවාරි

1

වන දා සිට මේවා වෙළෙඳපොළෙහි විකිණීම තහනම් වේ

.

  1. 2019

    ජනවාරි

    1

    වන දායින් පසු ඇම්පියර්

    13

    හතරැස් කූරු පේනුව හැර වෙනත් වර්ගවල පේනු සහිත ඉතිරි වී ඇති විදුලි උපකරණ තොග විකිණිය හැකි ද

    ?

නොහැක

. 2019

ජනවාරි

1

වන දායින් පසු ඉතිරි වී ඇති විදුලි උපකරණ පාරිභෝගිකයින්ට විකිණීමට පෙර ඒවායේ ඇති පේනු ඉවත් කර ඇම්පියර්

13

හතරැස් කූරු සහිත පේනු සම්බන්ධ කළ යුතුය

.

කූරු

2

ක් හෝ රවුම් කූරු සහිත පේනු ඇති විදුලි උපකරණ විකිණීම පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් තහනම් කර ඇත

.

අපරික්ෂාකාරී විදුලි පරිහරනය මරු කැඳවයි

.

අන්තරාකාරීබව නොදැන අපරික්ෂාකාරීව විදුලිය පරිහරනය ඉතා භයානක වේ

.

ඔස්ට්‍රේලියාව වැනි දියුණු රටක

,

වසරකට සිදුවන විදුලි මරන සංඛ්‍යාව

20

කි

.

තවද ඉංදියාව වැනි දියුණු වෙමින් පවතින රටක වසරකට සිඳුවන විදුලි මරන ප්‍රමාණය

10,000

කට ආසන්න ප්‍රමාණයක් වේ

.

ශ්‍රී ලංකාවතුල වසරකට සිදුවන විදුලි මරණ ප්‍රමානය

100

කට ආසන්න වේ

.

සංවර්ධිත රටක් හා සසඳනවිට ශ්‍රී ලංකාව තුල සිඳුවන විදුලි මරන සංඛ්‍යාව තවදුරටත් අඩු කරගත හැකි බව පැහැදිලිවේ

.

ශ්‍රී ලංකාවේ

2008

වසරේ සිට

2017

දක්වා වාර්ෂිකව වාර්තාවූ විදුලි මරණ සංඛ්‍යාවන් පහත පරිදි වේ

.

 

මේ පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මගින් ප්‍රකාශයට පත් කර ඇත

.

   
  1. නීති විරෝධී ලෙස විදුලිය ඇදීම්

    1. 1A-

      නීති විරෝධී ලෙස

      (

      හොරෙන්

      )

      විදුලි රැහැන් මගින් විදුලිය ලබා ගැනීම.

    2. 1C-

      සතුන් දඩයම් කිරීමට

      ,

      වගා ආරක්ෂා කිරීමට අදින අනාරක්ෂිත නීති විරෝධී විදුලි රැහැන් හේතුවෙන්

  1. අනාරක්ෂිත පරිසරයක වැඩ කිරීම

    1. 2A-

      පළුදු වූ

      ,

      කැඩුණු විදුලි උපකරණ භාවිතය

    2. 2B-

      නිවසින් පිටතට අනාරක්ෂිත ලෙස අදින ලද විදුලි රැහැන්

    3. 2C-

      බිම පතිත වී ඇති විදුලි රැහැන් ඇල්ලීම

    4. 2D-

      ගොඩනැගිලි රැහැන්

      (

      වයරින්

      )

      කිරීමේදී ප්‍රමිතියකින් තොරව අනාරක්ෂිත ලෙස සිදු කිරීම

  1. අත්වැරදීම් සහ නොසැලිකිලිමත්කම නිසා සිදුවූ අනතුරු

    1. 3A-

      විදුලි රැහැන් ආශ්‍රිතව ක්‍රියාකාරකම්

    2. නිවසේ සිදු කරන ලද කුඩා ප්‍රමාණයේ අලුත්වැඩියා කටයුතු

    3. විදුලි උපකරණ සම්බන්ධ කිරීමෙදී සහ විසන්ධි කිරීම

  1. සේවා සපයන ආයතන මගින් ආරක්ෂණ ක්‍රියාපටිපාටි නිසි පරිදි අනුගමනය කර නොතිබීම

විදුලිය මගින් සිදු වන ජීවිත හානි අවම කර ගමු

  • නීති විරෝධීව (හොරෙන්) විදුලිය ලබා ගැනීම දුටුවහොත් ළඟම වූ පොලිස් ස්ථානයට, විදුලිබල මණ්ඩලයට, ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත දැනුම් දීම.
  • ඔබේ දරුවා දැනුවත් කර විදුලි රැහැන් ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් ඈත් කර තබා ගැනීමට වග බලා ගන්න.
  • මසකට වරක්වත් ට්‍රිප් ස්විඡයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පරිදි ක්‍රියා කරනවා දැයි පරීක්ෂා කර බැලීම.
  • නිසි පළපුරුද්දක් සහ වෘත්තීය නිපුණතාවකින් යුත් විදුලි කාර්මිකයෙකුගේ සේවය ලබා ගැනීම.
  • ප්‍රමිතියට අයත් විදුලි උපාංග, විදුලි උපකරණ සහ කොටු හැඩයේ විදුලි පේනු සහ කෙවෙනි හැම විටම භාවිත කරන්න.

ශ්‍රී ලංකාව තුළ සිදු වන විදුලි අනතුරු අතර පසුගිය වසරේ ඉහළින්ම වාර්තා වන්නේ නීති විරෝධී ලෙස විදුලිය ලබා ගැනීම මගින් සිදුවී ඇති ජීවිත හානි වේ

.

ගිය වසරේ මේ ආකාරයට මිය ගිය සංඛ්‍යාව

40

කට ආසන්න වේ

.

නීති විරෝධීව

(

වංචනිකව

)

විදුලිය ලබා ගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ

298

වගන්තිය යටතේ දඬුවම් ලැබෙන වරදක් වන අතර

,

මෙවැනි අවස්ථාවක යමෙකුට විදුලිය වැදී අනතුරක් සිදු වුවහොත් එය නොසැලකිලිමත් කමින් සිදු කරනලද මනුෂ්‍ය ඝාතනයක් ලෙස සැලකේ

.

ඊට අමතරව

2017

වසරේ දත්ත විශ්ලේෂණයට අනුව වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති තවත් නීති විරෝධී ක්‍රියාවක් වන්නේ සතුන් දඩයම් කිරීමට සහ වගා ආරක්ෂාවට විදුලි රැහැන් ඇදීම නිසා ඒවායේ ගැටී සිදු වූ මරණයි

.

මෙම නීතී විරෝධී ක්‍රියාව නිසා බොහො විට අනතුරට පත්වන්නේ මෙම මර උගුල් ඇති බව නොදත් කුඩා දරුවන්ය

.

ඔබේ වගකීම වන්නේ මෙවන්නක් දුටුවහොත් වහාම ළඟම වූ පොලිස් ස්ථානයට

,

විදුලිබල මණ්ඩලයට

,

ලෙකෝ ආයතනයට හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත දැනුම් දීමයි

.

තව ද විදුලි අනතුරුවලට ලක් වන අය අතර බහුලව කුඩා දරුවන් වාර්තා වීම ඛේදනීය තත්තවයක්

.

විශේෂයෙන් මෙවැනි නිවාඩු කාල සීමාවන් තුළදී දරුවන් එළිමහනේ ක්‍රීඩා කරන විට විදුලි රැහැන් අසළ ක්‍රීඩා කිරීමෙන් වැළැක්වීම වැඩිහිටි ඔබගේ වගකීමයි

.

සරුංගල් යැවීමේදී විදුලි රැහැන් අනතුරුවලින් දරුවන් මිය ගිය අවස්ථා ගණනාවක් වාර්තා වී ඇත

.

එමෙන් ම විදුලි රැහැන් ආශ්‍රිත ගස්වල වූ ඵල කැඩීමට යාමේදී

(

කෙකි

,

ගසට නැග

)

සිදු වූ අනතුරු බොහොමයක් වාර්තා වී ඇත

.

හැකි පමණ ඔබේ දරුවා දැනුවත් කර මෙවැනි ක්‍රියාකාරකම්වලින් ඈත් කර තබා ගැනීමට වග බලාගන්න

.

 

ශ්‍රී ලංකාව තුළ සිදු වන ගෘහාශ්‍රිත විදුලි අනතුරු බොහොමයක් සිදු වන්නේ නිවසේ විදුලි පද්ධතියේ අනිවාර්ය කොටසක් වන ට්‍රිප් ස්විචය සවිකර නොතිබීම

,

සවිකර ඇති ට්‍රිප් ස්විචය ක්‍රියා නොකිරීම හෝ නිවසක විදුලි පද්ධතියකට සුදුසු මිලි ඇම්පියර්

30

සංවේදීතාවකට වඩා වැඩි සංවේධීතාවක් සහිත ට්‍රිප් ස්විච නිවාසවල සවි කර තිබීමයි

.

ශ්‍රී ලංකාව තුළ සිදු වන ගෘහාශ්‍රිත විදුලි මරණ ප්‍රමාණය ඉහළ යාමට හේතු මොනවා ද

?

ශ්‍රී ලංකාව තුළ විදුලිබල කර්මාන්තය නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ මහතාගේ අදහස්

ශ්‍රී ලංකාව තුළ සිදු වන විදුලි මරණවලට ප්‍රධානම හේතු කිහිපයක් තියෙනවා

.

එයින් ප්‍රධානතම හේතුව නිවසේ විදුලි පද්ධතියේ වැදගත්ම අංගය වන ට්‍රිප් ස්විචය නොමැති වීමයි

.

අප සිදු කළ සමීක්ෂණ හා නිරීක්ෂණ අනුව වසරකට සිදු වන ගෘහාශ්‍රිත විදුලි මරණවලින්

50%

කින් අඩු කර ගැනීමට නිසි පරිදි ක්‍රියාකරන ට්‍රිප් ස්විචයකට හැකියාව තිබේ

.

සමහර නිවාසවල විදුලි පද්ධතියට ට්‍රිප් ස්විචය සවිකර නොමැත

.

මෙය විදුලි කාර්මීකරණය පිළිබඳ නිසි දැනුමක් නැති විදුලි කාර්මිකයින් අතින් සිදුවන බරපතළ වරදක්

.

මීට අමතරව සුදුසුකම් නොලත් විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන්ගත කර ගැනීම ඉතාම අන්තරාදායක කාරණයක්

.

නිසි ආරක්ෂක ක්‍රමවේද ගැන අවබෝධයක් නැති විදුලි කාර්මිකයින් මිලි ඇම්පියර්

30

ට වඩා වැඩි සංවෙදීතාවක් ඇති නිවසකට නුසුදුසු ට්‍රිප් ස්විච් නිවසට සවි කරයි

.

මේ අවස්ථාවක විදුලි කාන්දුවක් සිදු වුවත් ට්‍රිප් සිවිචය ක්‍රියාත්මක නොවේ

.

ඔබේ වගකීම වන්නේ නිසි පළපුරුද්දක් සහ වෘතීය නිපුණතාවක් ඇති විදුලි කාර්මිකයෙකු ලවා නිවස රැහැන්ගත කර ගැනීමයි

.

තවත් හේතුවක් තමයි සවි කළ ට්‍රිප් ස්විචය නිසි පරිදි ක්‍රියා නොකිරීමයි

.

ඔබ නිවස තැනීමේදී සවි කරන ට්‍රිප් ස්විචය කාලයත් සමග අක්‍රීය වීමේ හැකියාවක් පවතියි

.

මේ නිසා ඔබ කළ යුත්තේ මසකට වරක්වත් ට්‍රිප් ස්විචයේ ටෙස්ට් බොත්තම ඔබා එය නිසි පරිදි ක්‍රියා කරනවාදැයි පරීක්ෂා කර බැලීමයි

.

ගෘහාශ්‍රිතව සිදු වන අනතුරුවලට තවත් එක හේතුවක් තමයි ප්‍රමිතියෙන් තොර විදුලි උපාංග නිවාසවල භාවිතය

.

මේවා අතරට විදුලි දිගු

(Extensions),

කැට

(Multi Plugs),

අඩු

ප්‍රමිතියෙන් යුත් පේනු

(Plugs)

හා කෙවෙනි

(Socket).

ශ්‍රී ලංකාවේ සිදු වන ගිනි ගැනීම් අනතුරු බොහොමයක් සිදු වන්නේ මෙවැනි ප්‍රමිතියෙන් තොර උපාංග නිසා සිදු වන විදුලි කාන්දුවීම් මුල් කර ගෙනය

.

ගෘහාශ්‍රිත විදුලි අනතුරු වැළැක්වීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇත

.

ඒවා පහත පරිදි වේ

1.

විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීම

2.

විදුලි කාර්මිකයන් බලපත්‍රකරන යාන්ත්‍රණය හඳුන්වා දීම

3.

විදුලිබල සේවා සපයන ආයතනවල සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂණ සහ තාක්ෂණ කළමනාකරණ සැලැස්මක් හඳුන්වා දීම