"රටේ සාමකාමී වාතාවරණය පවත්වාගෙන යන්න"

රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන්න - ආරක්ෂක අංශවලට ජනපතිගෙන් උපදෙස්

by Staff writer 13-11-2018 | 10:19 PM
COLOMBO (News 1st) - ජාතික ආරක්ෂක කවුන්සිලය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙහිදී රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.