සැකකරුට තැබූ වෙඩිල්ලෙන් නිලධාරියෙකුට ම තුවාල

හෙරොයින් ජාවාරම්කරුට තැබූ වෙඩිල්ලෙන් නිලධාරියෙකුට තුවාල

by Staff writer 12-11-2018 | 11:04 AM
COLOMBO (News 1st) : හෙරොයින් ග්‍රෑම් 101ක් සමග සැකකරුවන් 6 දෙනෙකු කුලියාපිටිය, මිගහකොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කළ වැටලීමකදීයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ජාවාරම්කරුවන් තිදෙනෙකු හා තවත් සැකකරුවන් තිදෙදෙනෙකු වන බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එක් සැකකරුවෙකු පලා යෑමට තැත් කර තිබේ. එහීදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියෙකු සැකකරු පසුපස ලුහුබැඳ ගොස් ඇතිබව පොලීසිය සඳහන් කළේ ය. මෙහිදී සෙසු පොලිස් නිලධාරීන්, සැකකරුට වෙඩි තබා ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමෙන්, සැකකරු පසුපස ලුහුබැඳ ගිය පොලිස් සැරයන්වරයෙකු සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියනයකට අධික වන අතර  හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදා ගත් මෝටර් රථය ද පොලීසිය භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර, දින 07ක රැඳවුම් භාරයේ තබා ගැනීමට, පොලීසිය පියවර ගෙන තිබේ.