අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

හිටපු ඇමති අර්ජුනගේ ආරක්ෂක නිලධාරියා තවදුරටත් රිමාන්ඩ්

by Staff writer 12-11-2018 | 4:13 PM

COLOMBO (News 1st) - දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පසුගිය දා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා ලබන 15 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අද දිනයේදී සැකකාර ආරක්ෂක නිලධාරියා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහිදි සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ඔහු හඳුනා ගත්තේය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු තව ත් සාක්ෂිකරුවෙකු කොළඹ ජාතික රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබනු ඇත. ඔහු ලබන 15 වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටිමට නියමිත අතර එදින සැකකරු වැඩිදුර පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතයි. අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලැබු අතර එක් පුද්ගලයෙකු මිය ගියේ ය.