සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

සරසවි සිසු විරෝධතාවක් හේතුවෙන් කොළඹ රථවාහන තදබදයක්

by Staff writer 12-11-2018 | 4:25 PM

COLOMBO (News 1st) - සරසවි සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, වෝඩ් පෙදෙස සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බවයි. කැලණිය විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙම විරෝධතාවය පවත්වනු ඇත. විශ්වවිද්‍යාලය තුළ පවතින ආචාර්ය පුරප්පාඩු පියවීම, විෂය සමගාමි සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වනු ලැබේ.