ශ්‍රී ලනිප සංවිධායකවරු හෙට කොළඹට කැඳවයි

ශ්‍රී ලනිප සංවිධායකවරු හෙට කොළඹට කැඳවයි

by Staff writer 12-11-2018 | 10:43 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ම ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් හෙට කොළඹට කැඳවා තිබේ. නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ජනාධිපති ‍මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්වෙන විශේෂ රැස්විමක් සඳහා එම කැඳවීම සිදු කර ඇති ඇති බවයි. නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් 341 දෙනෙකු එ සඳහා දැනුවත් කර ඇතැයි, ද ලේකම්වරයා සඳහන් කළේ ය.