හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි

මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව ගැන හර්ෂණ රාජකරුණා කනගාටුව පළකරයි

by Staff writer 12-11-2018 | 12:36 PM
COLOMBO (News 1st) : ඊයේ ගංගාරාම පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයක් අතරතුර News 1st මාධ්‍යවේදීන්ට සිදුවු අපහසුතාව පිළිබඳව තමන් කනගාටුව පළ කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
"අපේ රටේ ප්‍රජාතන්තවාදයට එරෙහිව ගත්තු ක්‍රියාමාර්ගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තියවේදිනුත් වෙනත් සංවිධාන ගණනාවක් එකතුවෙලා විරෝධතාවක් පැවැත්වුවා. ඒ අවස්ථාවට පැමිණි නිවේදකයාව අපහසුතාවක ලක්වුණා කියලා මට දැනගන්න ලැබුනා විශේෂයෙන්ම සිරස මාධ්‍ය කවදත් සාධාරණ වෙනුවෙන් ප්‍රජාතන්තවාදය වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදුන්නා. ඒ අවස්ථාවට පැමිණි මාධ්‍යවේදියාට කණගාටුව ප්‍රකාශ කරනවා අපහසුතාවට පත්වුණා නම්"
එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන තරුණ වෘත්තියවේදීන් පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ ගංගාරාම බේරේ වැව පරිශ්‍රයේ නිහඬ සත්‍යග්‍රහයක නිරත වූහ. එම අවස්ථාව ආවරණය කිරීමට ගිය News 1st මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධාකරමින් ඔවුන් අපහසුතාවට පත්වන ලෙස විරෝධතාවයේ නිරත පිරිසක් කටයුතු කළහ.