පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

by Staff writer 12-11-2018 | 5:33 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදී අදට විභාග කර අවසන් වී තිබේ.

නීතිපති කරුණු දැක්වීම හෙට පෙරවරු 10.00 ආරම්භ කිරීමට නියමිත බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ය.