පාර්ලිමේන්තුව විසිරවීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹේ

by Staff writer 12-11-2018 | 3:01 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිතුක් කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මේ වන විට ආරම්භවී තිබේ.

ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදීයි. පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට පෙත්සම් 12 ක් ඉදිරිපත්ව ඇත. අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ, දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් පෙත්සම් ගොනු කර ඇත. පෙත්සම් විභාගයට පෙනී සිටිම සඳහා නීතිපතිවරයා ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ සිටින බව අප වාර්තාකරු පැවසුවේ ය.