හිටපු කතානායක කරු ජයසූරියගෙන් නිවේදනයක්

හිටපු කතානායක කරු ජයසූරියගෙන් නිවේදනයක්

by Staff writer 11-11-2018 | 7:43 PM
COLOMBO (News 1st) : කරු ජයසූරිය මහතා හිටපු කතානායකවරයා ලෙස අද පස්වරුවේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළේ ය. හිටපු කතානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මහජනතාව තමන් නියෝජනය කිරීම සඳහා තෝරා පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය බලෙන් පැහැර ගැනීම පාර්ලිමේන්තුවේ භාරකරු ලෙස ගතවූ දෙසතිය තුළ තමා විමසිල්ලෙන් නිරීක්ෂණය කළ බවයි. තමන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසිදු පැකිළීමකින් තොර කවර ආකාරයේ වුව ප්‍රතිවිපාකයට මුහුණ දීමට තමන් සූදානම් බව ද හිටපු කතානායකවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.