ලෝකාන්තයෙන් වැටුණු කාන්තාවගේ සිරුර හමුවෙයි

ලෝකාන්තයෙන් වැටුණු කාන්තාවගේ සිරුර නන්පේරියල් වතුයායේ

by Sagarika Chathumali 11-11-2018 | 2:48 PM
COLOMBO (News 1st) : හෝටන්තැන්න, ලෝකන්තයෙන් වැටුණු විදේශීය කාන්තාවගේ මළ සිරුර බළංගොඩ, නන්පේරියල් වතුයායේ තිබී සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද පෙරවරුවේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ ඇය මෙම අනතුරට ලක්ව ඇති බවයි. 35 හැවිරිදි එම කාන්තාව ජර්මන් ජාතික කාන්තාවකි. අද උදෑසන 7.05 පමණ ලෝකාන්තයෙන් වැටුණු එම කාන්තාව සොයා පට්ටිපොල, සමනලවැව , බලංගොඩ පොලිසි හා යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව සහ වනජීවි නිලධාරීන් එක්ව මෙහෙයුමක් ක්‍රියාත්මක කළේ ය.