''රට තුළ කිසිදු ගෑස් හිඟයක් නැහැ''

''රට තුළ කිසිදු ගෑස් හිඟයක් නැහැ''

by Staff writer 11-11-2018 | 2:31 PM
COLOMBO (News 1st) : රට තුළ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ගෑස් සමාගම්වලින් කළ විමසීම් වලදී හිඟයක් නොමැති බවට සමාගම් විසින් තහවුරු කරනු ලැබූ බවයි. ගෑස් හිඟයක් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ද එම නිලධාරියා තහවුරු කළේ ය. ඔහු පැවසුවේ, ගෑස් හිඟයක් ඇති බවට තොරතුරු වාර්තා වූ ප්‍රදේශ වෙත බෙදා හැරීම් කඩිනම් කරන්නැයි, ඒ ඒ සමාගම් වෙත උපදෙස් දුන් බවයි. ගෑස් හිඟයක් මවා පාමින්, තොග සැඟවීම් කරනු ලබන අලෙවිසල් හිමියන් සොයා දීපව්‍යාප්ත වැටලීම් ක්‍රියාත්මක කිරිමට උපදෙස් දුන් බව ඔහු පැවසී ය. එවැනි අක්‍රමිකතා කරන අලෙවිසැල්හිමියන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.