පිළියන්දලදී රේස් ගිය යතුරුපැදිකරුවන් 32 රිමාන්ඩ්

පිළියන්දලදී රේස් ගිය යතුරුපැදිකරුවන් 32 රිමාන්ඩ්

by Staff writer 11-11-2018 | 6:21 PM
COLOMBO (News 1st) : පිළියන්දල, ජාලියගොඩ- කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 නා හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද පස්වරුවේ, කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඊයේ රාත්‍රී 11 ත් අද අලුයම 3 ත් අතර කාලයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගැණින. පොලීසිය සඳහන් කළේ, යතුරු පැදි 14 ක් සිය භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් පුද්ගලයින් වයස අවුරුදු 19 ත් 30 ත් අතර වයස්වල පසුවන්නන් ය.