රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක්

පවතින දේශපාලන වාතාවරණය හමුවේ රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක්

by Staff writer 11-11-2018 | 6:36 AM
COLOMBO (News 1st) - රට තුළ පවතින දේශපාලන වාතාවරණය හමුවේ රාජ්‍ය ආයතන 6කට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අනුව ලේක්හවුස්, ජාතික රූපවාහිනිය, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී යන මාධ්‍ය ආයතනවලට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බව ය. ඊට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවට හා රජයේ මුද්‍රණාලයට ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දී තිබේ. එම ආයතනවල ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළේ ය.