චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට

චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට

by Staff writer 11-11-2018 | 3:48 PM
COLOMBO (News 1st) : ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාලට එංගලන්තය සමග පැවැතිවෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සති දෙකක් කාලයක් තරග බිමෙන් ඉවත් වන බවයි. චන්දිමාල්ගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා චරිත් අසලංක කණ්ඩායමට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් ය.