ඝාතන සැකකරුවන් දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට

ඝාතන සැකකරුවන් දෙදෙනෙක් රත්නපුරේදී අත්අඩංගුවට

by Staff writer 11-11-2018 | 7:20 PM
COLOMBO (News 1st) : මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර පොම්පකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, පසුගිය මස 28 වැනි දින හංවැල්ල ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා, කපා කොටා ඝාතනය කිරීමට අදාළව එම සැකකරුවන් ඊයේ රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 19 යන වයස්වල පසුවන රණාල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. ඔවුන් සන්තකයේ තිබී කඩු තුනක් සහ ත්‍රී රෝද රථයක් පොලිස් භාරයට ගෙන තිබේ. දැනට බන්ධාගාරගතව සිටින දිනෙත් මෙනල් මාලඹුගේ නෙහොත් ඌරු ජුවා නමැති සංවිධානාත්මක අපරාධකරු ඝාතනය මෙහෙයෙවා ඇතැයි පොලිසිය සඳහන් කළේ ය.