ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 11-11-2018 | 6:46 AM
COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තු ඡන්ද විමසීම 2019 ජනවාරි 5 වන දා පැවැත්වීමට තීරණය කර තිබේ. 2. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව සූදානම් බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 3. වසර 6කට පසු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර තිබේ. 4. අහුංගල්ල, පතිරාජ පෙදෙසේ ලී මෝලක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. 5. බලංගොඩ පහන්කුඩාවල ප්‍රදේශයේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස් පුවත් 6. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය.