ඖෂධ හිඟයක් ඇති නොවීමට ප්‍රසම්පාදන මණ්ඩලයක්

ඖෂධ හිඟයක් ඇති නොවීමට තාවකාලික ප්‍රසම්පාදන මණ්ඩලයක් පත් කෙරේ

by Staff writer 11-11-2018 | 7:16 AM
COLOMBO (News 1st) - ඖෂධ හිඟය මග හරවා ගැනීම සඳහා තාවකාලික ප්‍රසම්පාදන මණ්ඩලයක් පත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, රට තුළ ඖෂධ හිඟයක් ඇති බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව ය. එහෙත් මේ වන විට කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව ඔහු අවධාරණය ක‍ළේ ය.