සියලු දේ තවදුරටත් හෙළි කිරීමට අපව පොළඹවන්නට එපා...

සියලු දේ තවදුරටත් හෙළි කිරීමට අපව පොළඹවන්නට එපා...!

by Staff writer 11-11-2018 | 10:39 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද රාත්‍රියේ ගංගාරාම බේරේවැව ආසන්නයේ සිට ඉටි පන්දම් දල්වා සත්‍රයග්‍රහයක නිරතවිය. මෙලෙස සත්‍යග්‍රහය පැවැත්වුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඇතුළු පසුගිය දින කිහිපයේ රට තුළ ඇතිවු දේශපාලන වෙනස්කම් ව්‍යවස්ථාවට අනුකූල නොවන බව විරෝධය පළ කරමිනි. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ. අපගේ රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුර එම ස්ථානයේ සිටි අප වාර්තාකරු මෙම නිහඩ විරෝධතාවය ආවරණය කිරිමට ගොස් සිටි අවස්ථාවේදී එම ස්ථානයේ සිටි ඇතැම් නිහඬ විරෝධතාකරුවන් අපගේ වාර්තාකරුවන්හට අපහස වන ආකාරයෙන් බැණ වැදී තිබේ. මෙම විරෝධතාවය නිහඬ විරෝධතාවක් ලෙස සංවිධාන කළ ද මෙසේ අප්‍රසන්න සිදුවීමක්ද සිදු වූ බව අපට කනගාටුවෙන් වුවද වාර්තා කිරිමට සිදු වේ. අපට දැන ගන්නට ලැබුනේ මෙය එක්සත් ජාතික පක්ෂයේ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමය සංවිධාන කළ නිහඬ විරෝධතාවක් බවයි. අපි එය එලෙසම වාර්තා කළෙමු . මෙම සිද්ධිය සිදු වන්නේ අප මෙම නිහඬ විරෝධතාව වෙනුවෙන් ගුවන් කාලය වෙන් කර මෙ සජීවීව විකාශය කළ පසුබිමකදීයි. අප , අපගේ වාර්තාකරුවන්ව මෙලෙස හිංසනයට ලක් කළ පුද්ගලයින්ට මහ බැංකු බැඳුම්කර වංචාව , මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබඳ වංචාව , ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇතුළුව රටතුල සිදු කළ මහා පරිමාණ වංචා මතක් කර දිමට කැමත්තෙමු. මෙවැනි අවස්ථාවක මෙම වංචාවන්ට වගකිවයුතු පුද්ගලයින් පිළිබඳව රට හමුවේ හෙළි කරනවාට කැමති ද යන ප්‍රශ්නය මෙම පුද්ගලයින්ගෙන් ඔවුන්ගේ විමසා සිටිමු. ඒ සියල්ල තවදුරටත් හෙළි කිරිමට අපට පොළඹවන්නට එපා...!