අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිතයි - ICC

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි

by Staff writer 11-11-2018 | 5:39 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල අද නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.