වසර 6කට පසු ලංගම සේවකයින්ට වැටුප් වැඩිවීමක්

වසර 6කට පසු ලංගම සේවකයින්ට වැටුප් වැඩිවීමක්

by Staff writer 10-11-2018 | 6:43 PM
COLOMBO (News 1st) : වසර 6 කට පසු ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් වැඩිකර තිබේ. ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව රියැදුරු, කොන්දොස්තර, කාර්මික, කම්කරු හා ආරක්ෂක යන බිම්ගත ශ්‍රේණිවල නියුතු බිම්ගත සේවකයින්ගේ මුලික වැටුප රුපියල් 14,250 සිට රුපියල් 25,550 ක් දක්වා වැඩි කර ඇති බවයි. 6/2006 චක්‍රලේඛයට අනුව මෙම වැටුප් වැඩි කිරීම සිදුකර තිබේ. මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම මීට පෙර මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තිබුණ ද, ලංගම මූල්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ඒ සඳහා අවසර හිමිනොවීය . එහෙත් නව මූල්‍ය පරිපාලන ක්‍රියාදාමය සහ අවම සේවක සංඛ්‍යාවක් තුළින් වැඩි සේවාවක් සපයා ආදායම ඉහළ නැංවීම තුළින් වැටුප් කිරීමට හැකියාව ලැබුණු බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ ය. වැටුප් වැඩි කිරීම සංකේතවත් කරමින් ලංගම සේවකයින් පිරිසකට අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අදාළ ලේඛන භාරදුන්නේ ය.