බලංගොඩ පහන්කුඩාවල දිය නෑමට ගිය 3 දෙනෙකු මරුට

බලංගොඩ පහන්කුඩාවල දිය නෑමට ගිය සබරගමුව සරසවියේ සිසුන් 3 දෙනෙකු මරුට

by Staff writer 10-11-2018 | 2:02 PM
COLOMBO (News 1st) - බලංගොඩ පහන්කුඩාවල ප්‍රදේශයේ දිය නෑමට ගිය සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදැසන 10.30 ට පමණ සිසුන් පිරිසක් දිය නෑමට ගිය අවස්ථාවේදී 3 දෙනෙකු දියේ ගිළී ඇති බව ය. ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මිය ගොස් ඇත්තේ 24 සහ 25 හැවිරිදි යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 3 දෙනෙකි. ඔවුන් සබරගමුව විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුන් බව පොලීසිය සඳහන් කළේ ය.