පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් වසා දැමේ

පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් අද සිට තාවකාලිකව වසා දැමේ

by Staff writer 10-11-2018 | 7:02 AM
COLOMBO (News 1st) - කටුනායක අධිවේගී මාර්ගයට නව කැලණි පාලම සම්බන්ධ කිරීමේ ඉදිකිරීම් හේතුවෙන් පෑලියගොඩ අන්තර් හුවමාරුවේ කොටසක් අද සිට තාවකාලිකව වසා තැබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග නඩත්තු හා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ, ඒ වෙනුවට අධිවේගී මාර්ගයට ප්‍රවේශ වීම සඳහා එම ස්ථානයෙන්ම විකල්ප මාර්ගයක් හඳුන්වා දී ඇති බව ය. ඉදිකිරීම් අවසන් වනතුරු රියැදුරන් එම විකල්ප මාර්ගය ඔස්සේ අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය යුතු බව ද ඔහු සඳහන් කළේ ය.