ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 10-11-2018 | 6:45 AM
COLOMBO (News 1st) 1. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ අත්සන් කර තිබේ. 2. රජයේ මුද්‍රණාලය ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ. 3. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවාරයා ගත් තීරණයට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රජයේ මුද්‍රණාලය අසල කලබලකාරී තත්ත්වයක් මතු විය. 4. තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් ඊයේ ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්හ. 5. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් 14 වැනි දා සිට ජනවාරි 14 වැනි දා දක්වා විදෙස් ගතවීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ අවසර ලබා දී තිබේ. විදෙස් පුවත් 6. 12 දෙනෙකුට මරු කැඳවූ අමෙරිකාවේ කැලිෆෝනියාහි රාත්‍රී සාමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු හඳුනාගෙන තිබේ. ක්‍රීඩා පුවත් 7. ගාල්ලේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් විය.