කැලිෆෝනියාවේ ලැව් ගිනි: 5 දෙනෙකු මරුට

කැලිෆෝනියාවේ ලැව් ගිනි: 5 දෙනෙකු මරුට

by Staff writer 10-11-2018 | 7:15 AM
(News 1st) - අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය ආශ්‍රිතව හටගත් ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලැව් ගින්නේ බලපැම හේතුවෙන් තවත් පුද්ගලයින් 150000ක් පමණ ප්‍රදේශයෙන් ඉවත් කර ඇති බව ය. ඊයේ උදෑසන වන විට වර්ග සැතපුම් 110ක පමණ ප්‍රමාණයක් ලැව් ගිනි හේතුවෙන් විනාශ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේ ය. පවතින අධික සුළං හේතුවෙන් ලෝස් ඇන්ජලිස් නගරයේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ගින්න වේගයෙන් පැතිර යමින් ඇති අතර මේ හේතුවෙන් මාලිබු වෙරළබඩ නගරයට දැඩි බලපැම් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මැත කාලීනව අමෙරිකාව ආශ්‍රිතව ඇති වූ ප්‍රබලතම ලැව් ගින්න ලෙස මෙය හැඳින්විය හැකි බව ය.