කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

by Staff writer 10-11-2018 | 7:35 PM
COLOMBO (News 1st) : ඉදිරි පැය 48 තුළ මධ්‍යම හා ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල ධීවර මෙන්ම නාවික කටයුතුවලින් ඉවත් වන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඊට හේතු වී ඇත්තේ අන්දමන් මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමයි. මේ අනුව හෙට පස්වරුවේ හෝ රාත්‍රීයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වීමේ හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අනිද්දා සිට බටහිර, මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර් 100 ත් 110 ත් දක්වා ඉහළ යා හැකි බවට එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. අදාළ කාල සීමාවේ ඉතා දළ රළ ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.