අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්...

අහුංගල්ලේ පුද්ගල ඝාතනයක්...

by Staff writer 10-11-2018 | 2:48 PM
COLOMBO (News 1st) : අහුංගල්ල, පතිරාජ පෙදෙසේ ලී මෝලක් තුළ පුද්ගලයකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 87 හැවිරිදි , ඌරගස්මංහන්දිය පදිංචිකරුවෙකි. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ තැන්පත් කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.