by Staff writer 10-11-2018 | 12:15 PM
COLOMBO (News 1st) - දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49000 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය පැවසුවේ, පවුල් 14000ක් ඒ අතර වන බව ය.
අර්ධ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 300 ඉක්මවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.
මේ අතර කැලණි ගගේ සහ කළු ගගේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව ජනතාවට සැලකිලිමත් වන්නැයි ද ඔහු දැනුම් දෙයි.
ගත වූ පැය කිහිපය තුළ වැඩිම වර්ෂාපතනය මඩකලපුව මයිලම්බේලි ප්‍රදේශයට ලැබී තිබේ.
එම අගය මිලිමීටර් 70.4කි.
රත්මලානට මිලිමීටර් 43.1 ක වර්ෂාපතනයක් ද අරලගංවිල ප්‍රදේශයට මිලිමීටර් 43ක වර්ෂාපතනයක් ද ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර බස්නාහිර, දකුණු, සබරගමුව හා මධ්‍යම පළාත්වලට අද දිනයේත් වැසි හො ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලි දිසානායක මෙනවිය පැවසුවේ, වැසි සමග තද සුළං ද ඇති විය හැකි බව ය.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.