අගුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන් 8කට ස්ථාන මාරු

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නිලධාරීන් 8කට ස්ථාන මාරු

by Staff writer 10-11-2018 | 11:46 AM
COLOMBO (News 1st) - අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නිලධාරීන් 08 දෙනෙකුට ස්ථාන මාරු ලබා දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පසුගියදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවක නිරත වීමට අදාළව සිදු කළ විමර්ශනවලින් පසු එම නිලධාරීන් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ය. බන්ධනාගාර බුද්ධි අංශ විසින් එම විමර්ශන ක්‍රියාත්මක කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.