තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් දිවුරුම් දෙති

තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් දිවුරුම් දෙති

by Staff writer 09-11-2018 | 8:39 PM
COLOMBO (News 1st) - තවත් අමාත්‍යවරුන් 7 දෙනෙක් අද ජනාධිපති නිල නිවසේදී දිවුරුම් දුන්හ. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ය. ඒ අනුව දිවුරුම් දුන් අමාත්‍යවරුන් පහත පරිදි වේ.
  1. උදය ගම්මන්පිල මහතා - බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
  2. සී.බී. රත්නායක මහතා - තැපැල් සහ විදුලි සංදේශ අමාත්‍ය
  3. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා - වෙළෙඳ, පාරිභෝගික කටයුතු හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය
  4. එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - නාගරික සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය
  5. එස්.එම්. චන්ද්‍රසේන මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
  6. ගාමිණී ලොකුගේ මහතා - කම්කරු, විදේශ රැකියා සහ ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය
  7. මහින්ද යාපා අබේවර්ධන මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය