වැව් බැම්මක් කැඩී යාමෙන් කොටුවී සිටි පුද්ගලයින් 6 දෙනෙකුගේ දිවි බේරා ගැනේ

by Staff writer 09-11-2018 | 12:44 PM

COLOMBO (News 1st) - මුලතිව්, මුහුදුබඩපත්තුව, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තගයිකුලම් වැව් බැම්ම කැඩී යාමෙන් ජල පහරකට මැදිව සිටි පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ වැව් බැම්ම කැඩී යාමත් සමග මෙම පුද්ගලයින් අතුරුදන් බවට ප්‍රදේශවාසීන් පැමිණිලි කළ බවයි. පසුව ඔවුන් ජල පහරකට මැදිව සිටින බව පොලීසිට තහවුරු කරගෙන ඇත. ඒ අනූව අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්, MI 17 වර්ගයේ ගුවන් යානයකින් ගොස් අද උදෑසන පිරිස බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ ය. මේ අතර පවතින අධික වර්ෂාවත් සමග මුලතිව් දිස්ත්‍රික්කයේ පහත්බිම් රැසක් වැසි ජලයෙන් යටවී ඇත. ඒ අතරට කොමළමුනෛ, මුරිප්පු , වට්ටුවාකල්, මුල්ලේවෛක්කාල් යන ප්‍රදේශ ඇතුළත්ය.