ජනපති සහ අගමැති අද විශේෂ සාකච්ඡාවක

රාජ්‍ය සේවය යළි කාර්යක්ෂම කිරීමට ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් අද විශේෂ සාකච්ඡාවක්

by Staff writer 09-11-2018 | 6:30 AM

COLOMBO (News 1st) - පවතින දේශපාලන වාතාවරණයත් සමග මන්දගාමී වී ඇති රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම එම සාකච්ඡාවේ අරමුණ බවයි. සේවක කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය. ඉදිරියේදී ඊට අදාළ චක්‍රලේඛන නිකුත් කෙරෙනු ඇති.